පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දෙවැනි ආසියානු සංචාරය ලෙස 2015 ජනවාරි 12 සිට 19 දක්වා උන්වහන්සේ ශ්‍රී ලංකාවේ සහ පිලිපීනයේ සංචාරය කරනු ඇති බව වතිකානුව නිල වශයෙන් දන්වා සිටියි.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් මීට පෙර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අදහස් දක්වා තිබූ අතර, පිලිපීනයේ හයියාන් සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් හමුවීමටද තමන් සූදානමින් සිටින බව පවසා තිබුණි.
වතිකානු මාධ්‍ය ඒකකය පෙන්වාදී ඇති ආකාරයට පාප් වහන්සේ ජනවාරි 12 සිට 15 දක්වා ශ්‍රී ලංකාවේද, ඉන් අනතුරුව ජනවාරි 19 වැනිදා දක්වා පිලිපීනයේද සංචාරය කරනු ඇති බවයි.
මෙම සංචාරයේ සවිස්තර තොරතුරු පසුව නිවේදනය කරන බවද පෙන්වා දී තිබුණි.