යාපනය, අරියාලේ කාසිපුල්ලේ ක්රීඩාංගණයේ පැවැති පාපන්දු තරගයක් අතරතුර ක්රීඩා කරමින් සිටි ක්රීඩකයෙකු ඊයේ (21දා) සවස හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බවට යාපනය පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් හා නඩත්තු පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් තරග කළ කයිට්ස් ප්රදේශයේ පදිංචිව සිටි පද්මරාජන් (අවු.27) නමැත්තෙකි.
උතුරු පළාත් විදුලිබල මණ්ඩල සේවකයන් අතර පවත්වනු ලබන වාර්ෂික පාපන්දු තරගයක් අතරතුර එම ක්රීඩකයා සිහිසුන්ව ඇදවැටී ඇති අතර පසුව රෝහලගත කරන විටද ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලීසිය පැවසීය.