(UPDATE) ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන පාද යාත්රාව හෙට (29දා) උතුවම් කන්දේ සිට ආරම්භ කිරීමට සංවිධායකයන් සැලසුම්කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා පැවැසුවේ කවර බාධා පැමිණුනත් පාද යාත්රාව හෙට දිනයේදී උතුවම් කන්දෙන් ආරම්භ කරන බවයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන කොළඹ බලා ගමන් කරමින් තිබෙන පාද යාත්රාව අද (28දා) මාවනැල්ලේට ආසන්නයේ ගනේතැන්නෙන් නිම කිරීමට සංවිධායකයන් සැලසුම්කර තිබේ. පළමු දිනයේදී එහි ගමනාන්තය වීමට නියමිත තිබුණේ මාවනැල්ල නගරයෙනි.