පාකිස්තාන යුද හමුදාපති ජනරාල් රාහීල් ශරීෆ්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තාන යුද හමුදාපතිවරයා තෙදින නිල සංචාරයක් සඳහා අද (13දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් පාකිස්තානයේ කරච්චි නුවර බසයකට අද එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් පාකිස්තාන හමුදාපතිවරයා මෙසේ සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර තිබේ.