ප්‍රජා විද්‍යා හා සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.ජේ සතරසිංහ මහතා පැවසීය.
වයස අවුරුදු 15ත් 49ත් අතර කාන්තාවන් පිළිබඳ එහිදී සමීක්ෂණයට ලක් කරන බවත් ඒ අනුව අදාළ සමීක්ෂණය තුළින් එම වයස් සීමාවට අදාළව කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටම්, ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ තොරතුරු සහ පෝෂණ මට්ටම් සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීමට නියමිත බවත් හෙතෙම පැවසීය.