බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි සහ ඌව, නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැසි සමග අකුණු ඇති විය හැකි නිසා අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍ර‘දේශවල අද (17දා) සවස 4.00 න් පසු ගිඟුරුම් සහිත වැසි හෝ වැසි ඇතිවිය හැකි බව කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ චන්න රොඩ්රිගෝ මහතා සඳහන් කළේය.
දිවයින වටා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් පමණ දක්වා ඉහළ යාහැකි බවත්, එවිට එම ප්‍ර‘දේශ ඉතා රළු විය හැකි නිසා ධීවර ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් ඔහු පවසා සිටියේය.