නිමා වූ බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සාමකාමී බව එංගලන්තය සඳහන් කරයි. නමුත් පසුගිය මාස තුන තුළදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වර්ධනයක් පෙන්වා නොමැති බවද ඔවුහු පෙන්වාදෙති.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්තවය පිළිබඳව සැලකිල්ලෙන් පසුවිය යුතු බවද එංගලන්තය සඳහන් කරයි.
එංගලන්තය විසින් අද (10දා) නිකුත්කරන ලද නවතම මානව හිමිකම් හා ප්රජාතන්ත්රවාදී වාර්තාවක මේ බව සඳහන් වෙයි.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 28 ක මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද ඔවුහු පෙන්වාදෙති.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේදී මියගිය බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශෙයික් ඝාතන නඩුවේ යම්කිසි ප්‍රගතියක් පවතින බවද එංගලන්තය සඳහන් කරයි.
සම්පූර්ණ වාර්තාව සඳහා: http://goo.gl/JQzSYv