පාසල්වලට පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී දැනට පවතින දුර ප්‍රමාණය, ඔප්පුවල අයිතිය පිළිබඳ පවතින ක්‍රමවේද වෙනස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා 'අද' ට පැවසීය.
දැනට පවතින තත්ත්වය දරුවන්ට අසාධාරණයක් හෙයින් එය සාකච්ඡාකොට ඉදිරියේදී වෙනස් කරන බවත්, ඊට සාපේක්ෂවම එක ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍ර‘ලේඛයේ සඳහන් පදිංචි ඔප්පුවේ හිමිකාරීත්වය සම්බන්ධ කාරණයද යම් ආකාරයක සංශෝධනයකට ලක් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
'දුර ප්‍රමාණය බොහෝ වෙලාවට පාසලකට දරුවන් ඇතුළත් කිරීමේදී දැනට ප්‍රශ්නයක් වෙලා. එය අපි ඉදිරියේදී වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අවුරුදු ගාණක් ගෙදර පදිංචි වෙලා හිටියත් ඉඩමේ ඔප්පුව දරුවාගේ දෙමාපියන්ගේ නමට නොතිබුණොත් දරුවා පාසලට දාන්න බැරිවෙනවානම් එයත් අසාධාරණයි.
ඒකටත් අපි නිසි ක්‍රමවේදයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එක ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී ප්රශ්නකාරී තත්ත්වයක් මතුවන අවස්ථා තිබුණත්, මේවා සාකච්ඡා කරලා කාලීන චක්‍ර‘ලේඛයක් ගෙන ආ යුතු වෙනවා' යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.