පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරිමේ චක්‍රලේඛය සංශෝධනය කර ඇත. ඒඅනුව 2017 වසර සදහා සිසුන් ඇතුලත් කරගැනිමේ චක්‍රලේඛය මගින් අවහිර කර තිබු ආදි සිසුන්ට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත්වීමේත් අභියාචනා හා විරෝධතා මණ්ඩලයට ඉදිරිපත්වීමත් වගන්ති සංශෝධනය කළ බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
මේ අතර මුස්ලිම් පාසල්වල දෙවන වාරය ආරම්භ කිරිමේ දිනයත් සංශෝධනය කර ඇති අතර රාමසාන් උත්සවය නිමිත්තෙන් පාසල් වාරය ලබන 11 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්රකාශළේය.