කෘෂිකර්ම අමාත්‍යංශය, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය එක්ව අනුරාධපුර මහ ඉලුප්පලම ආශ්‍රිතව පළතුරු ගම්මානයක් ඉදි කිරීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතියි.
කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සංකල්යක් අනුව නිර්මාණය වන මෙම පළතුරු ගම්මාන වැඩසටහන මහඉලුප්පල්ලම සංගට්ටෑව හා කඩියන්ගල්ල යන ගම්මාන මුල් කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ. ලංකාවේ පළතුරු පරිභෝජනය සමාජ ගත කිරීමත්, දේශිය පළතුරු භාවිතය ඉහළ නංවමින් ආනයනික පළතුරු සදහා සීමා පැනවීමත්, දේශිය පළතුරු සදහා ඉහළ මිලක් ලබා දී වෙළදපොළ අවස්ථා පුළුල් කිරීමත් මෙම පළතුරු ගම්මාන බිහි කිරීමේ අරමුණයි.