තරුණයන් දෙදෙනෙක් අමානුෂික ලෙස තවත් තරුණියකට පහරදීම පිළිබඳව අන්තර්ජාලයේ හුවමාරුවන විඩියෝව පිළිබඳව පරික්ෂණ ආරම්භ කළ බව පොලීසිය කියයි.
පහරකෑමට ලක් වූ තරුණිය සොයාගෙන ඇයගෙන් කටඋත්තරයක් ලබා ගැනීම අවැසි බව පොලීසිය කියයි.
ඉන් අනතුරුව පොලිස් පරීක්ෂණ ඉදිරියට පැවැත්වෙනු ඇත.
අදාළ විඩියෝව පිළිබඳව තොරතුරක් දන්නේ නම් 011 2727227 යන අංකයට දැනුම් දෙන ලෙස පොලීසියඉල්ලයි.