පසුගිය වරද ජනපති නිවැරදි කළාලු
පසුගිය රජය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට දඬුවම් දීම සමාජය අනුමත නොකළ බවත් එය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතා නිවැරදි කළ බවත් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. මාතර, දික්වැල්ල , රත්මලේදී ඊයේ (30දා) පැවති ජනහමුවකදී ඔහු මේ බව පැවැසීය.
" හිටපු ගුවන් හමුදාපති එයාර්මාෂල් ගුණතිලක මැතිතුමා දූෂණ කොමිෂමට කැඳවලා තියෙනවා මිග් යානා පිළිබඳව කතා කරන්න. මේ රට බේරගත්ත සෙන්පතියන්ගෙන් එක්කෙනෙක් එතුමා. අපේ ආණ්ඩුව එදා ෆොන්සේකා මහත්මයට දඬුවම් දුන්නා. අපි ඒක අනුමත කළාට මේ සමාජය ඒක අනුමත කළේ නැහැ. සමාජය කිවුවා මේ සන්ධාන ආණ්ඩුව ෆොන්ස්සේකා මහත්තයගෙන් පලිගත්තා කියලා.
වත්මන් ජනාධිපතිවරයා එය නිවැරදි කර තියෙනවා.ඒක හොඳ දෙයක්. ඒ හොඳ දේ ඇතුළේ අනිත් පැත්තෙන් මොකද වෙන්නේ, යුද,ගුවන්,නාවික, පොලිස් මේ සියලු බලවේග යුද්ධය වෙනුවෙන් ඒකරාශී කරපු ගෝඨාභය සෙන්පතියා කූඩුවට නග්ගන්න හදනවා. ඔහු නැත්නම්මේ ජයග්‍රහණය ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගෙන් පාවෙන යුද නැව් ගැන කට උත්තර ගන්නවා. මට තේරෙන්නේ නැහැ මොකක්ද මේ වෙන්නේ කියලා." යැයි ඔහු සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

