පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළදසැල් හිමියන් 1219 දෙනෙකුට එරෙහිව නඩු පැවැරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කොට ඇත.
ඊයේ (31) හා අද (01) දිනවලදී කරනු ලැබූ වැටලීම් වලදී සුපිරිවෙළද සැල් හා දුර ගමන්සේවා බස් නැවතුම් ස්ථාන 10459ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී කල් ඉකුත් වූ හා පාරිභෝජනයට නුසුදුසු ආහාර 1480ක් අත්අඩංගුවට ගැනීමටත් ඔවුහු කටයුතු කොට ඇත.
සමස්ථ දිවයිනම අවරණයවන අයුරින් කරනු ලබන වැටලීම් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 1800ක් සහභාගිවී සිටිති.