පරිපූරක වෛද්‍ය නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය වළකාලමින් කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අද (29 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළාය.
රෝගියෙකු වන හර්ෂණ රාජකරුණා මහතා විසින් ඉදිරිපත් කළ තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ලබන මස 12 වැනිදා තෙක් අදාළ අතුරු තහනම බලපැවැත්වෙන පරිදි නිකුත් කෙරිණි.