ලෝක පරිත්‍යාගශීලී දර්ශකයේ (2014 World Giving Index) මුල් රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පැමිණ තිබෙනවා. ඇමෙරිකානු පුණ්‍යාතනයක් වන Charitable Aid Foundation America (CAF) ආයතනය මෙම දර්ශකය සකස්කර තිබෙනවා. ශ්‍රී ලංකාවට මෙහි 9 වැනි ස්ථානයේ පසුවෙනවා.
ඇමෙරිකාව හා මියන්මාරය පළමු ස්ථානයේ පසුවෙනවා. සුබ සාධනය සඳහා මුදල් යෙදවීම, ස්වෙච්ඡා සංවිධානය සඳහා කාලය කැප කිරීම, අනෙකාට උදව් අවශ්‍ය විටදී උදව් ලබාදීම යන කරුණු මත පදනම්ව මෙම දර්ශකය ගණනය කර තබෙනවා.
මුල් ස්ථාන අතර පවතින රටවල් 10
01 මියන්මාරය හා ඇමෙරිකාව (රටවල් දෙකක් හෙයින් දෙවැනිස්ථානයක් ගණනය කර නොමැත)
03 කැනඩාව
04 අයර්ලන්තය
05 නවසීලන්තය
06 ඔස්ට්‍රේලියාව
07 මැලේසියාව
08 එංගලන්තය
09 ශ්‍රී ලංකාව
10 ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ