පවතින වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යෑම නිසා මීට සුළු මොහොතකට පෙර වාන් දොරටු දහයෙන් 04ක් විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්යක්ෂ කාර්යාලය පවසයි.
මේ අනුව අඩිය බැගින් වාන් දොරටු හතරක් විවෘත කර ඇති බවත්, තප්පරයට ඝන මීටර්560ක් එක දොරකින් ජලය පිටවන බවත් කලාප වාරිමාර්ග අධ්යක්ෂ එස්.කේ. හේවාගම මහතා පැවසීය.
මේ වනවිට පරාක්‍රම සමුද්‍රයේ සමස්ත ජල මට්ටම අක්කර අඩි එක්ලක්ෂ දහහතර දහස් හයසියයක් බවත්, පිටවන ජලය මහවැලි ගඟට මුදාහරින බවත් හේවාගම මහතා සඳහන් කර සිටියේය.මහවැලි ගඟ පරිහරණය කරන පිරිස අවධානයෙන් සිටීම වැදගත් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.