ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නේපලයේ නව අග්රාමාත්යවරයා ලෙස පත් වී සිටින සුෂිල් කොයිරාල මහතා වෙත අද (18දා) සුභාශිංසන කළේය.
'ඔබ අග්රාමත්ය ධුරයට තෝරාගනු ලැබීම, නේපාලය සිය දේශපාලන සහ ආණ්ඩුක්රම ව්යාවස්ථා ඉතිහාසයේ තීරණාත්මක අවධියකට පිවිස ඇති මෙ සමයෙහි රටේ නායකත්වය භාරදීම සඳහා නේපාල ජනතාව ඔබ කෙරෙහි ඇති පිළිගැනීම පිළිබිඹු කරයි' යනුවෙන් ජනාධිපති රාජපක්ෂ මහතා සිය පණිවිඩයෙන් කියා සිටියි.
ශ්රී ලංකාව සහ නේපාලය අතර දිගුකාලීන හා ඓතිහාසික සමීප සබඳතා ගැන ජනාධිපතිවරයා සිය සුබපැතුමෙහි සිහිපත් කර තිබේ.
කොයිරාල මහතා නව අග්රාමාත්යවරයා ලෙස තෝරාගැනීමේදී නේපාල පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 405 දෙනෙකුගේ ඡන්දය සමග 2/3කට වැඩි බහුතරයක් ලැබිණි.