නේපාලයට බලපෑ භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස ඊයේ (26දා) මධ්‍යම රාත්‍රී 12.00 පසුවන විට 2,500 ඉක්මවා තිබූ බව විදෙස් වාර්තා පවසයි.
භූ කම්පනය හේතුවෙන් නේපාලයේ අගනගරය වන කත්මණ්ඩු වැසියන් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් බොහෝ පිරිසකට තම නිවාස හා වාසස්ථාන සම්පූර්ණයෙන්ම පාහේ අහිමිව ගොස් තිබේ.
එමෙන්ම, ඊයේ වරින් වර ඇති වූ ප්‍රබල පසුකම්පන හේතුවෙන් දැනට ඉතිරිව ඇති තම නිවාස වෙත පවා යෑමට ජනතාව දැඩි බියක් දක්වන බව විදෙස් වාර්තා පවසයි.
විදෙස් වාර්තාවලට අනුව භූ කම්පනය සිදුවූ සෙනසුරාදා දිනයෙන් පසු දෙවැනි දිනටත් දහස් සංඛ්‍යාත ජනතාවක් වීදිවල තම රාත්‍රිය ගෙවා දමමින් සිටින බව කියැවෙයි.
මේ අතර, එවරස්ට් ආශ්‍රිතව හිම කඳු කඩා වැටීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 61 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.