ශ්‍රී ලංකාව තුළ සුලබව භාවිත වන නූඩ්ල්ස් වර්ග ඇතුළුව වෙළෙඳ පොළේ ඇති සියලුම නූඩ්ල්ස් වර්ගවල ඊයම් අන්තර්ගතදැයි පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව මෙම නූඩ්ල්ස් වර්ගවල සාම්පල කාර්මික තාක්ෂණ ආයතනය වෙත ලබාදෙන බවත්, මේ වනවිට ලබාදී ඇති සාම්පලවල වාර්තාව අද (23දා) දිනයේදී බොහෝදුරට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙනු ඇති බවත්, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා %අද^ කළ විමසුමකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.
නූඩ්ල්ස් සාම්පල් කිහිපයක්ම ගැටලුව මතුවූ අවස්ථාවේම පරීක්ෂාව සඳහා යොමුකළ බවත්, අද දිනයේදී තවත් සාම්පල් 10 ක් කාර්මික තාක්ෂණ ආයතනය වෙත යැවීමට සූදානම් කර ඇති බවත් ඔහු පැවසීය.
පවතින තත්ත්වය යටතේ විදේශවල සිට ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට ආනයනය කරන නූඩ්ලස් අනිවාර්යයෙන්ම සාම්පල පරීක්ෂාවක් සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම මෙරට වෙළෙඳ පොළේ පවතින නූඩ්ල්ස් සියල්ලද පරීක්ෂාව සඳහා කාර්මික තාක්ෂණ ආයතනය වෙත යවන බවත්, අද දින ලැබීමට නියමිත වාර්තා අනුව නිශ්චිත නිගමනවලට එළඹීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවත් ඔහු පවසා සිටියේය.