තමන්ට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් සැපයීමක් සිදු නොකරන බවට චෝදනා කරමින්, බෝට්ටු මගින් නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී දැනට ක්‍රිස්මස් දූපතේ රඳවා සිටින්නන් එරට රජයට එරෙහිව නඩු පවරා ඇත ිබව වාර්තා වෙයි.
දේශපාලන රැකවරණ පතා බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ගිය මොවුන්, එරට වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නඩුව පවරා ඇත්තේ 6 හැවිරිදි සංක්‍රමණික දැරියක ප්‍රධාන පැමිණිලිකාරිය ලෙස යොදා ගනිමිනි.
මෙම පැමිණිල්ල මෙහෙයවන නීතිවේදියෙකු පවසා ඇත්තේ දීර්ඝ කාලයක් රඳවා තබාගැනීම මගින් දේශපාලන රැකවරණ පතන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමකට හෙළා ඇති බවය.
ඔස්ට්‍රේලියාව වෙත දේශපාලන රැකවරණ පතා බෝට්ටුවලින් පැමිණෙන්නන් ක්‍රිස්මස් දූපත, පැපුවා නිවුගිනියාව සහ නාවුරු දූපතේ කඳවුරුවල රඳවා තැබීම සාමාන්‍යයෙන් සිදුවෙයි.
ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, ඉරාකය සහ ඉරානය යන රටවල සිට පැමිණෙන සංක්‍රමණිකයන් ප්‍රධාන වශයෙන් මෙම කඳවුරුවල වෙසෙති.