රට තුළ ධනය, බලය ඇති පුද්ගලයන්ට ඕනෑම වැරැද්දක් කර පසුව කිසිවක් සිදු නොවූවා සේ සිටිය හැකි බවත්, රටේ නීතිය එකසේ ක්රියාත්මක නොවන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
ඉතා විශාල වශයෙන් කුඩු හසුවුවද, කල් ඉකුත් වූ ආහාර, ඖෂධ ආදිය හමුවුවද ඒවා ගෙන්වන්නේ කවුරුන්ද, ඒවාට කුමක් කළාදැයි හෙළිනොකර ඔවුන්ට යළිත් සුපුරුදු පරිදි කටයුතු කිරීමට ඉඩසලසා ඇති බවත්, නීතියද ඔවුන් වෙනුවෙන් ක්රියාත්මක නොවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.