තමන්ට හිමි නිල නිවාසමෙතෙක්නොලැබීමෙන් හේතුවෙන්තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්රීවරු පවසති.
මෙවර නවක මන්ත්රීවරුන් 67 පමණ පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති අතර, පාර්ලිමේන්තුව පැවැත්වන දිනවලදී කොළඹ අවට පෞද්ගලික ස්ථානවල නවාතැන් ගැනීමට ඔවුන්ට සිදුව තිබේ.
නවක මන්ත්රීවරුන් මේපිළිබඳව පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සහ මහලේකම්වරයාට දන්වා ඇති අතර, එවිට පවසා ඇත්තේ මාදිවල මන්ත්රී නිවාස සංකීර්ණය අලුත්වැඩියා කරන බැවින් එම කටයුතු අවසන් වූ වහාම නවක මන්ත්රීවරුන්ට නිවාස ලබාදෙන බවයි.කෙසේවෙතත් මාදිවල මන්ත්රී නිවාස සංකීර්ණය අලුත්වැඩියා කරන තුරු කොළඹ අවට ආයතන තුනක කාමර මන්ත්රීවරුන්ට නවාතැන් ලෙස ලබාදීමට පාර්ලිමේන්තුවේ අවධානය යොමුව තිබේ.
අයවැය විවාදය පැවැත්වන නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තු සැසියට ප්රථම නවක මන්ත්රීවරුන්ගේ නිවාස ප්රශ්නය විසඳීමට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා එකඟවී තිබේ.