දිස්ත්‍රික් දොළහකට ඇති වී තිබෙන දැඩි නියං තත්ත්වය නිසා මේ වනවිට පවුල් හාර ලක්ෂ හැට අටදහස් තුන්සිය තිස් දෙකකට අයත් පුද්ගලයන් දහසය ලක්ෂ විසිදාස් හයසිය දෙදෙනෙකු පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (06දා) සඳහන් කළේය. මීට අමතරව දිස්ත්‍රික්ක තුනකට ඇති වූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් පවුල් 57කට අයත් පුද්ගලයන් 275 ක් පීඩාවට පත්ව තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අනුව ස්වාභාවික විපත් හේතුවෙන් පවුල් 468,389 කට අයත් පුද්ගලයන් 1,620,877 ක් පීඩාවට පත්ව තිබේ.