නිධානයක් ගැනීමට ගිය ඉන්දීය ජාතිකයන් 03ක් ඇතුළු 07ක් අත්අඩංගුවට
නිධානයක් ගැනීමට උත්සාහ කරමින් සිටි ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු හා ලාංකිකයන් සිවු දෙනෙකු කිළිනොච්චිය රාමනදපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව අද (25දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ධර්මපුරම් පොලීසිය පවසයි.
රාමනාදපුරම් ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියකට සම්බන්ධ වූ අදාළ ඉන්දීය ජාතිකයන් තිදෙනා සහ ලාංකිකයන් සිවු දෙනා රාමනාදපුරම් ප්‍රදේශයේ නිධානයක් වෙනුවෙන් පූජාවක් කිරීමට සැරසෙන අතරතුර පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම පිරිස ඊයේ (24දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිසි අතර සිටි ඉන්දීය ජාතිකයන් තිදෙදෙනාගේ වීසා නොමැතිව අනවසරයෙන් රැඳී ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති අතර අදාළ නිධානය ගැනීමට පෙර සිදු කළ පූජාවට යොදා ගත් පූජා භාණ්ඩද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද (25දා) කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


