නිදහස් වයි ෆයි කලාප මෙන්න
රජයේ දින 100 වැඩසටහන යටතේ දිවයිනේ පොදු ස්ථාන සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ නිදහස් ‘වයි ෆයි‘ කලාප පිහිටුවීමේ සමාරම්භක උළෙල අද (30දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භවිය.
මීට සමගාමීව පිටකොටුව ලංකා ගමනාගමන මණ්ඩල බස් නැවතුම්පොළ, පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ, කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය, නීති විද්‍යාලය, කොළඹ මහජන පුස්තකාලය, තුරඟ තරග පිටිය, පොලිස් මූලස්ථානය, ගාලු මුවදොර ක්‍රීඩාංගණය, බත්තරමුල්ල විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, කොළඹ ජාතික කෞතුකාගාරය, දෙහිවල සත්වෝද්‍යානය, පොලොන්නරුව දුම්රිය ස්ථානය, පොලොන්නරුව මූලික රෝහල, ගාල්ල දුම්රිය ස්ථානය, ගාල්ල කරාපිටිය මුලික රෝහල, මාතර දුම්රිය ස්ථානය, මාතර බස්නැවතුම්පොළ, හම්බන්තොට උද්භිත උද්‍යානය, යාපනය දුම්රිය ස්ථානය, යාපනය මහජන පුස්තකාලය, මහනුවර දළඳා මාලිගාව, මහනුවර දුම්රිය ස්ථානය, පේරාදෙනිය දුම්රිය ස්ථානය හා රත්නපුර ජාතික කෞතුකාගාරය යන ස්ථානයන් සඳහා ද නිදහස් අන්තර්ජාල පහසුකම් ලබාදීම සිදු කෙරෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

