රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කළුතර හා ගාල්ල දිස්ත්‍රික්කවල නාය යෑම් සිදු විය හැකි බවට හඳුනා ගෙන තිබෙන ප්‍රදේශවල සිටින ජනතාව වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
මීට අමතරව අවදානම් තත්ත්වය මත දැනට ආරක්ෂිත කඳවුරුවල රඳවා සිටින ජනතාව කිසිදු අවස්ථාවක තමන් පදිංචි ස්ථානවලට නොයන ලෙසද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
අදාළ ප්‍රදේශවල තාක්ෂණික පරීක්ෂා කිරීම්වලින් පසු ප්‍රදේශය ආරක්ෂිත නම්, ඒ පිළිබඳ දැනුම් දෙන බවත්, මෙම දැනුම් දීමෙන් පසු ආරක්ෂිත කඳවුරුවලින් ඉවත් විය හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.