(UPDATE) 11.46 A.M. ජනපතිවරණය ඉදිරිපත්ව සිටින අපෙක්ෂකයින් 19දෙනා අතරින් අපෙක්ෂකයින් 16 දෙනෙකු වත්කම් - බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කොට තිබේ.
11.02 A.M. රාජගිරිය ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් පවතී. පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් හා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විශාල පිරිසක් රාජගිරියට පැමිණ සිටිති.
10.27 A.M. ජනපතිවරණ්ය සඳහා නාම යෝජනා බාරදීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත පැමිණියේය.
9.58 A.M. ජනපතිවරණය සඳහා නාම යෝජනයා බාරදීමට මේ වන විට රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත 16 දෙනෙක් පැමිණ සිටිති.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් පැමිණ නැත. ජනපතිවරණය සඳහා 19 දෙනෙක් ඇප මුදල් තැන්පත් කොට තිබේ.
ජනපතිවරණය සඳහා පොදු අපෙක්ෂක ලෙස ඉදිරිපත්ව සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා නාම යෝජනා බාරදීමට රාජගිරිය මැතිවරණ මහ ලෙක්ම් කාර්යාලයට පැමිණියේය.
ඔහුත් සමග මේ වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව, ඔක්කොම වැසියේ ඔක්කොම රජවරු සංවිධානයේ එම්.බී. තැමිණිමුල්ල, නව සිහළ උරුමයේ සරත් මනමේන්ද්‍ර, ජන සෙත පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන හිමි, එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය යන මහත්වරු මෙසේ නාමයෝජනා බාරදීමට පැමිණ සිටිති.