ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් මහතා අද (09දා) ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබාගත් බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිවරයා ලෙස වැඩභාරගත් ඒ මහතා, කොළඹින් පිට සිය ප්‍රථම නිල සංචාරයට සහභාගි වෙමින් අස්ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නා හිමියන්, මල්වතු පාර්ශ්වයේ අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමියන් සහ රාමඤ්ඤ නිකායේ අති පූජ්‍ය නාපාන පේමසිරි මහ නා හිමියන්ද බැහැ දැකගත් බවද තානාපති කාර්යාලය පවසයි.

.jpg)