නල්ලතන්නිය මාර්ගයේ ශ්‍රී පාද වන්දනාවේ යන දෙස් විදෙස් සංචාරකයන්ට නුසුදුසු ආහාර සපයන වෙළෙඳ සැල් ඇතුළු පරිසරයට හානිවන අයුරින් අපද්‍රව්‍ය බැහැර කළ ව්‍යාපාරිකයන් 10 දෙනෙකුට එරෙහිව හැටන් දිසා අධිකරණයේ නඩු ගොනුකර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ රජයේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (12දා) දිනයේදී නල්ලතන්නි මාර්ගයේ ආපන ශාලා, නිවාඩු නිකේතන, බේකරි හා දොදොල් වෙළෙඳ සැල් රැසක් හදිසි වැටලීමක් සිදුකොට පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඉහත ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ට සිසිල් බීම බෝතල්වල දින වෙනස් කර අලෙවි කිරීම, සෞඛ්යාරක්ෂිත නොවන අයුරින් ආපන ශාලා පවත්වාගෙන යාම, වැසිකිළි අපද්‍රව්‍ය පරිසරයට හානිවන අයුරින් බැහැර කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හැටන් දිසා අධිකරණයේ නඩු ගොනුකර ඇත.