ධීවර ගැටලු විසඳීම සඳහා ඉන්දීය හා ශ්‍රී ලංකා ධීවර නියෝජිතයන් අතර සාකච්ඡා ලබන මස දෙවැනි සතිය තෙක් කල් ගොස් ඇති බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සාකච්ඡාවල දෙවැනි වටය පසුගිය මස 13 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද පසුගිය මස 18 තෙක් කල් ගියේය. යළි එය නැවතත් කල්ගිය අතර, නව සාකච්ඡා වටය සඳහා අප්‍රේල් 24 වැනි දිනය වෙන් කරන්නැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.කෙසේ නමුත් එළඹෙන උත්සව සමය නිසා එම දිනය ලබානොදීමට ධීවර අමාත්‍යාංශයට සිදු වූ බව එහි ප්‍රකාශක නරේන්ද්‍ර ශ්‍රී රාජපක්ෂ මහතා පැවසීය. මෙම සාකච්ඡා බොහෝ විට එළඹෙන මස මැද භාගය වනවිට පැවැත්වීමට නියමිතබව පැවසේ.