ශ්‍රී ලංකාවේදී ඉන්දීය ධීවරයින්ට මරණ දඬුවම ලබාදීම පිළිබද ගැටළුව තමන් විසින් විදේශ කටයුතු අමාත්‍යවරිය වන සුෂ්මා ස්වරාජ් වෙතටත්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ගෙන යන බව ඉන්දීය රජයේ ප්‍රවාහන අමාත්‍ය නිටින් ගොඩ්කාරි සඳහන් කරයි.
නිටින් ගෝඩ්කාරී අද දිනයේදී තමිල්නාඩු ධීවර නියෝජිතයින් පිරිසක් හමුවූ අතර එහිදී ඔවුන් සඳහන් කළ කරුණුු මෙසේ විදේශ කටයුතු අමාත්‍යවරියට හා අගමැතිවරයාට යොමුකරන බව ගොඩ්කාරී ද හින්දු පුවත්සේවයට පවසා තිබේ.
ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමට සම්බන්ධ ඉන්දීය ධීවරයින් පස් දෙනෙකුට හා ශ්‍රී ලංකා ධීවරයින් තිදෙනෙකුට පසුගිය සතියේදී කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.