දෝස්තර නැති රෝහල් 10ක් උතුරේ
යුද්ධය හේතුවෙන් ජාතික ආරක්ෂාව සඳහා උතුරේ නැවත පදිංචි වැසියන්ගෙන් අත්පත් කරගත් පෞද්ගලික ඉඩම් එහි අයිතිකරුවන්ටම ලබාදිය යුතු බවත්, උතුරේ පිහිටි රෝහල්වලින් 10ක කිසිම වෛද්‍යවරයෙකු නොමැති බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ වවුනියාව, කැලෑබෝගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට එම ප්‍රදේශවල සිදුකළ සංචාරය අතරතුරදීය.
"උතුරේ මේ වෙනකොට රෝහල් 10 ක විතර කිසිම වෛද්‍යවරයෙක් නැහැ. ඇතැම් රෝහල්වල වෛද්‍යවරයාම තමයි බෙහෙත් ටිකත් දෙන්නේ. හෙද හෙදියන් ඇතුළු සේවකයන් නැහැ. වෙනත් පළාත්වල සිට මේ පළාත්වලට වෛද්‍යවරුන් එන්නෙ නැහැ. ඇවිත් ඉන්න පහසුකම් නැහැ. ඒ වගේම හෙද හෙදියන්ටත් ඒ ටිකමයි. ඔවුන් මේ පළාත්වලින් ගන්න විදිහකුත් නැහැ. මොකද හෙද විභාගයට ලියන්න තරම් සුදුසුකමක් මේ පළාත්වල ඉන්න ළමයින්ට නැහැ. මේක බරපතළ ගැටලුවක්."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

