දේශපාලඥයින්ට පමණක් රට ගොඩ නගන්න බෑ
දේශපාලඥයින්ට පමණක් රට සංවර්ධනය කළ නොහැකි බවත්, විද්වතුන් හා බුද්ධිමතුන්ද ඒ වෙනුවෙන් එක්විය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්තයින්ගේ සංගමය විසින් සංවිධානය කළ ප්‍රදීප සම්මාන උළෙල අමතමින් ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඊයේ (08දා) බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේ පැවැති මෙම සම්මාන උළෙලේදි මේ වන විට රාජ්යසේවයේ ඉහළම තනතුරු හොබවන නිලධාරීන් 47දෙනෙකුට සම්මාන ප්‍රධානය කිරීම සිදුවිය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා ප්‍රකාශ කළේ රට මුහුණපා ඇති ආර්ථික අර්බුධයෙන් ගොඩ යෑමට මෙන්ම, දේශපාලන අර්බුද, සමාජ ප්‍රශ්න විසඳීමට උගතුන්ගේ මෙන්ම බුද්ධිමතුන්ගේ සහාය අවශ්‍ය බවයි.
බස්නාහිර පළාත ඇතුළුව සමස්ත ශ්‍රී ලංකාව පුරාම මේ වන විට විශාල ගුරු හිඟයක් පවතින බවත්, යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ භාෂාව ඉගෙන ගැනීමට පවා භාෂා මධ්‍යස්ථානයක් නැති බවත් ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
	
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                