දෙහිවල සත්ත්වෝද්‍යානයේ අලි සංදර්ශන තාවකාලිකව නැවැත්වීමට තීරණය කළේ එහි අලින්ට ක්ෂය රෝග ආශ්රිත ප්‍රතිදේහ හදුනාගැනීමට හැකි වූ නිසා බව ශ්‍රී ලංකා වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ හේතුවෙන් සතුන්ට රෝගය සඳහා ප්‍රතිකාර ලබාදෙන ලෙසත්, රෝගකාරකය මහජනතාවට සම්ප්‍රේෂණය විමෙන් වැළැක්වීම සඳහා අලි සංදර්ශන නිරාවරණය කිරීමේදී රෝගී අලින් භාවිත නොකරන ලෙසත් පශු වෛද්‍යවරුන් දන්වා තිබේ. එය මහජනතාවගේ ආරක්ෂාව සඳහා ගත් ක්‍රියාමාර්ගයක් බවද වෛද්‍යවරු කියති.
කෙසේ වෙතත් මෙම තත්ත්වය මත පශු වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට කිසියම් පිරිසක් විසින් තර්ජනය කර ඇති බවද ශ්‍රී ලංකා වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.