ඉංගිරිය නගරයේ පාවහන් වෙළඳසැලකින් නොදරුවෙකු සියුම් ලෙස මෙහෙයවමින් එම වෙළද සැලේ රුපියල් 55000ක් සොරාගත් සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කාන්තාවන් තිදෙනෙකු විසින් මෙම සොරකම සිදුකළ අතර එය වෙළදසැලේ සී.සි.ටී.වී. කැමරා පද්ධතියේ සටහන්ව තිබුණි.
කොස්ගම ප්රදේශයේ පදිංචි මෙම සැකකාරියන් අතර එකම පවුලේ මව, සහ දියණියන් දෙදෙනෙකු ද සහ කුඩා දරුවෙකු සිටින බව පොලීසිය කියයි.