අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු සිය නිවස අසළ ගසක ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.
සිය නිවස අසල පදිංචිකරුවෙකු සමග ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිව තිබූ ආරවුලක් හේතුවෙන් සිත් තැවුලට පත්ව මෙම ශිෂ්‍යයා ගෙල වැලලාගෙන ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළිව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අලවතුගොඩ මහමුදුන ප්‍රදේශයේ පදිංචිව සිටින නිශාන්ත කුමාර නමැති ශිෂ්‍යයෙකි.
සිසුවාගේ මරණය පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (30දා) මාතලේ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
මොහොමඩ් ආසික්