ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ මැයි 31 දා සිට ජුනි 6 දා දක්වා දුම්වැටි නිවාරණ සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජාත්‍යන්තර දුම්වැටි නිවාරණ දිනය මැයි 31දාට යෙදී තිබෙන අතර එයට සමගාවීමි මෙම සතිය නම්කොට තිබේ. මෙහි ජාතික උත්සවය ජුනි 01 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.