බලධාරීන් සිය ගැටලු සඳහා විසඳුමක් ලබාදීම හේතුවෙන් අද මධ්‍යාහ්න සිට ආරම්භම්භ කිරීමට නියමිත දුම්රිය වර්ජනය අත්හිටුවූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කරයි. වැටුප් වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති හෙයින් ඔවුන් මෙසේ වර්ජනය අත්හිටුවා ඇත.