දුම්රිය වැඩවර්ජනය හෙට (09 දා) දහවල් 12 දක්වා කල් දැමූ බවට දුම්රිය වෘතීය සමිති සඳහන් කරති.
හෙට (09 දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් අනුමත කරදෙන බවට අමාත්‍ය සරත් අමුණුගම මහතා ලබාදුන් පොරොන්දුවක් මත මෙම වැඩවර්ජනය පැය 12කට තාවකාලිකව නවතා දමා තිබේ.
පොරොන්දුව ඉටු නොවුණහොත් හෙට දහවල් 12 සිට අඛණ්ඩව වැඩ වර්ජනය ආරම්භ කරන බවද වෘතීය සමිති සඳහන් කරති. අද රාත්‍රී 12 සිට මෙම වැඩවර්ජනය සිදුකිරීමට සැලසුම් කර තිබුණි.