දුම්කොළ සමාගම් සඳහා වන බද්ද 90% දක්වා වැඩිකර බාහිර රෝගීන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්රයට බලපාන වැට්බදු සියල්ල ඉවත්කරන බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශකළේය.
මේසම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද සේනාරත්න මහතා පැවසුවේ අද(22දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදීය.
දැනට දුම්කොළ සමාගම්වලින් බදු අයකරන්නේ 67%ක් බවත්, මිල වැඩිකිරීම නිසාවෙන් මේවනවිට එය 72% ක් බවට පත්ව ඇති අතර, එය 90% දක්වා වැඩිකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
ඒහරහා සෞඛ්‍ය සේවයට බලපාන පරීක්ෂණ, වෛද්‍යවරුන් චැනල් කිරීම, ඖෂධ ආදිය සඳහා මෙන්ම පෞද්ගලික රෝහල් සඳහා වන සියලුම වැට් බදු ඉවත් කිරීමට කටයුතු කරන බවද සේනාරත්න අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මේපිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“දුම්කොළ සමාගම්වලින් 67% යි බදු අයකරන්නේ. එය 72% දක්වා වැඩිවෙලා තියෙනවා. ඒක වැඩිවුණේ අපි බදු අයකරලා නෙවෙයි, එයාලා මිල වැඩිකරලා. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලයේදී දුම්කොළ සමාගම්වලින් 90% දක්වාම බදු අයකරලා තිබෙනවා. ඒවගේ දුම්කොළ බද්ධ 90% දක්වා වැඩිකරලා සෞඛ්‍ය සේවයට තියෙන සියලුම වැට් බදු අයින් කරන්න කියලා මම ඊළඟ සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා.