පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා නුවරඑළිය, නුවර, රත්නපුර, මාතලේ, කෑගල්ල, කුරුණෑගල, දිස්ත්‍රික්කවල කඳු නායයාම සිදුවිය හැකි නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව අන්තර් නිර්වතන අභිසාරී කලාපයේ බලපෑම් ශ්‍රී ලංකාවට එල්ල වී තිබෙන නිසා දිවයින පුරාම වැසි සමග ඇතිවන අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවීමේදී අකුණු සමග තද සුළං ඇතිවිය හැකි නිසා යම් යම් අවස්ථාවල මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කඳු නායයෑමේ අනතුරු ඇඟවීම හෙට සවස 6.00 දක්වා ක්‍රියාත්මක වන බවද ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.