දිස්ත්‍රික්ක 19කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 16 ක පවුල් 339,057කට අයත් පුද්ගලයන් 1,170,631 ක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදී සිටින බව වාර්තා වේ.
එම ප්‍ර‘දේශ ආශ්‍රිතව ජලමූලාශ්ර සිඳී යාම නිසා ජනතාවගේ දියනෑම ඇතුළු දෛනික අවශ්‍යතා සඳහා අවශ්‍ය වන ජලයද හිඟ වී ඇතැයි එම ප්‍රදේශවල ජනතාව සඳහන් කරති. ජල බවුසර් යොදාගෙන ජලය බෙදාහැරීම සිදු කළද ඒ හරහා තමන්ට ප්‍රමාණවත් ජලය නොලැබෙන බවටත්, එම වැඩපිළිවෙළ ක්‍රමවත්ව සිදු නොවන බවටත් ජනතාව චෝදනා කරයි.
වියළි කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 19 ක පවුල් 360,487කට අයත් පුද්ගලයන් 1,242,140 ක් පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පානිය ජල ගැටලුවට අමතරව මෙම දිස්ත්‍රික්ක 16 ජනතාව ආහාර හිඟයකටද මුහුණ දී සිටිති.
රජය විසින් වියළි සහනාධාර ලබාදෙන බවට ප්‍රකාශ කර තිබුණද මෙතෙක් කිසිදු සහනාධාරයක් මෙම ප්‍ර‘දේශවල ජනතාවට ලබාදී නැතැයිද විපතට පත් ජනතාව සඳහන් කරති.
වියළි කාලගුණ තත්ත්වය නිසා ත්‍රිකුණාමලය, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, යාපනය, මන්නාරම, මොණරාගල, බදුල්ල, මාතලේ, මහනුවර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස 126 ක ජනතාවජල හිඟයකට මුහුණ දී සිටිති.
මීට අමතරව ගම්පහ, මඩකලපුව, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස 11 ක පවුල් 21,430 ක පුද්ගලයෝ 71,509 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.
මේ පිළිබඳ 'අද' ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ බවුසර් යොදාගනිමින් ජලය බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන බවයි. එහිදී වියළි කාලගුණය පවතින ප්‍ර‘දේශවල ජනතාවට නිසි ලෙස ජලය නොලැබෙන්නේ නම් ඒ පිළිබඳ 117 දුරකථන අංකයට දැනුම් දිය හැකි බවත්,ජලය නොලැබෙන ජනතාවටද ඒ පිළිබඳ මෙම දුරකථන අංකය මගින් දැනුම් දිය හැකි බවත් ඔහු පවසා සිටියේය.
පසුගිය දිනවල ප්‍ර‘දේශ ගණනාවකට වර්ෂා තත්ත්වයක් ඇති වුවද වියළි කාලගුණය නිමා කිරීමට එය ප්‍රමාණවත් නොවන බවත්, මේ නිසා පානීය ජලය සැපයීම අඛණ්ඩව සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය.
ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ 'අද' කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ නැගෙනහිර, ඌව හා උතුරු මැද පළාත්වලට පසුගිය දිනවල වැසි තත්ත්වයක් ඇති වුවද, අද (15දා) සිට එම තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යන බවයි.
සමස්තයක් ලෙස වියළි කාලගුණ තත්ත්වය පවතින ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාවක් ලැබෙන්නේ සැප්තැම්බර් අවසාන සතියේ සිට බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.