ගම්පහ කැටවල අමුණේ දිය නෑමට ගිය සිසුන් 08දෙනෙකුගෙන් දෙදෙනෙක් දියේ ගිලී එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, අනෙක් සිසුවා අතුරුදන්ව ඇතැයි ගම්පහ පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, කොස්ගොඩ දොන් බින්සර වෛද්‍ය ගිහාර (අවු.21) නමැත්තෙකු වන අතර, අතුරුදන්ව ඇත්තේ, වැල්අමුණ පාර, හේකිත්ත, වත්තල පදිංචි දෙවින්ද වික්‍රමබාහු (අවු.22) නමැත්තෙකි.
මෙසේ දියනෑමට ගොස් ඇත්තේ යක්කල පුද්ගලික ආයුර්වේද අධ්‍යාපන විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.
මියගිය තරුණයාගේ මෘත ශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කර ඇති බවත් අතුරුන් වූ සිසුවා සෙවීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.