සිය දියණිය දූෂණය කළ පියෙක් (49) අධිකරණය මඟ හරිමින් වසර හතරක් වෙනත් විවාහයක් කරගෙන සැඟව සිටිය දී අත් අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය කියයි.
හම්බන්තොට බදගිරිය තම්මැන්නාව ප්රදේශයේ පදිංචිව සිටිය දී එවකට වයස අවුරුදු 16 ක තම දියණිය දූෂණය කර එම සිද්ධියට සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත් වූ පියාට එරෙහිව හම්බන්තොට මහාධිකරණයේ නඩු පවරා එය විභාග කරන අවස්ථාවන් හි දී වසර හතරක් සැඟව සිටි අතර අධිකරණයෙන් වරෙන්තු හතරක්ද නිකුත් කර තිබූ බව පොලිසිය කියයි.
පොලීසියට ලද තොරතුරක් මත හම්බන්තොට පොලිසියේ වරෙන්තු භාර නිළධාරි කණ්ඩායම එහි ගොස් ඊයේ (24 දා) අත් අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය පවසයි. දෙවන විවාහයෙන්ද සැකකරුට කුඩා දියණියක් සහ පිරිමි දරුවෙක් සිටින බව පොලිසිය කියයි.