මීගලෑව ප්රදේශයේදී පැහැරගන්නා ලද දිනිඳු යෂේන් ලංකානාත් දරුවා බේරාගැනීමට ක්රියා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ගල්ගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සේවය ඇගයීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
මෙම උපහාර උත්සවය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්රධානත්වයෙන් හෙට (30දා) පොලිස් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.