දින 75කට ඩෙංගු රෝගීන් 10323 ක්
ගෙවීගිය දින 75 ක කාලය තුළදී ඩෙංගු බවට සැකකෙරෙන රෝගීන් 10,323 ක් වාර්තා වී තිබෙන බවත්, මේ නිසා වහාම ඒකාබද්ධ ජාතික මෙහෙයුම් මණ්ඩලයක් ඇතිකර රට තුළින් ඩෙංගු උවදුර ඉවත් කිරීමට ස්ථිර වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.
පසුගිය කාලයේදී ඩෙංගු මර්දනය කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා ආසන්න වසරවල ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවද එම සංගමයේ සභාපති හෙද නිලධාරී ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
මේ අනුව 2013 වසරේදී ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ 40,000කට ආසන්න ප්‍රමාණයක් බවත්, එහෙත් 2014 වසරේදී එම ප්‍රමාණය 49,000 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට මාර්තු 13 වැනිදා දක්වා කාලය තුළ රෝගීන් 10,323 ක් වාර්තා වී තිබෙන බවත්, ඉන් 46.36෴ ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවට වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන බවත් ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
මේ අනුව මේ වසර තුළදී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 60,000 ඉක්මවා යා හැකි බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය, පරිසර, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ඒකාබද්ධ ජාතික මෙහෙයුම් ඒකකයක් සකස්කර ඩෙංගු මර්දනයට විධිමත් වැඩපිළවෙළක් සකස් කරන ලෙසත් එම සංගමය ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

