මේ වසරේ ගෙවීගිය දින 36ක කාලය තුළදීදුම්රිය අනතුරු නිසා පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
දුම්රිය මාර්ගවලට පැමිණ සියදිවි නසාගැනීම හා දුම්රිය අනතුරු නිසා මෙම පිරිස් මියගොස් තිබෙන බවද ඔහු පවසා සිටියේය.
දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම නිසා පෙරේදා (05) පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත්වී තවත් කිහිපදෙනෙකු තුවාල ලැබූ බවද ආරක්ෂක අධිකාරීවරයා සඳහන් කළේය.
ලොරි රථයක් දුම්රිය මාර්ගය දෙසට පසුපසට ගන්නා අවස්ථාවක පා පුවරුවේ ගමන් ගත් පිරිස් එහි ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇතැයිතොරතුරු වාර්තාවන බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමෙන් වළකින ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටින බවත්, මීට අමතරව දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී හා දුම්රිය මාර්ගය දෙසට පසුපසට ගමන් කිරීමේදී සැලකිලිමත් වන ලෙසද ඉල්ලා සිටින බවත් අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
දුම්රිය මාර්ගයට පැමිණීමෙන් වළකින ලෙසටද සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පවසා සිටියේය.