පොළොන්නරුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට මේ වන විට ඇතිවී තිබෙන වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 4908කට අයත් පුද්ගලයන් 16,201ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවුල් 4096කට අයත් පුද්ගලයන් 13,302ක්, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවුල් 685කට අයත් පුද්ගලයන් 2488ක්, දිඹුලාගල ප්‍රා‘දේශීය ලේකම් කාර්යාලයේ පවුල් 80කට අයත් පුද්ගලයන් 245ක්, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවුල් 32කට අයත් පුද්ගලයෝ 128 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. මීට අමතරව ත්‍රිකුණාමලය නගරසභා සීමාවේ පවුල් 15කට අයත් පුද්ගලයන් 38 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ජනතාවට ජලය සපයා ගැනීම දුෂ්කරවී තිබෙන අතර මේ නිසා එම ප්‍ර‘දේශවල ජනතාවට අමතරව පාසල් සිසුන්ද දැඩි පීඩාවට පත්ව සිටින බවද වාර්තා වේ.
මේ පිළිබඳව 'අද' ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන් කළ විමසීමකදී මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම තත්ත්වය නියං තත්ත්වයක් නොවන බවත් සිදුව තිබෙන්නේ වියළි කාලගුණික තත්ත්වය නිසා ජනතාව පීඩාවට පත්ව සිටින බවත්ය.
මෙම ජනතාවට ජලය සැපයීම සිදුකරන ආකාරය සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් අද (12දා) දිනයේදී සොයාබැලීමක් සිදුකර අදාළ කටයුතු සිදුකරන බවද පවසා සිටියේය.
පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව 'අද' කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ, මේ මස 13වැනි දින හා 14වැනි දින යම් වර්ෂාපතනයක් බලාපොරොත්තු වුවත් ඔක්තොම්බර් මස මැද භාගය වන තෙක් වර්ෂාව බලාපොරොත්තු විය නොහැකි බවත්ය.එම වර්ෂා තත්ත්වය පවා ඇතිවන්නේ අන්තර් මෝසම් තත්ත්වය මත බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.