ක්ෂය රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් මියගිය 'වෑවලදෙණියේ රාජා' හස්තියා මිය යාමට පෙර කලක් දළදා මාලිගාවේ ඇත් පන්තිය සමගින්ද සිටි බැවින් දළදා මාලිගාවේ ඇත් පන්තියද ක්ෂය රෝග වැලඳීමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල මහතා 'අද'ට පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, වසර පනස් පහක් වයසැති වෑවලදෙණිය රාජ හස්තියා ක්ෂය රෝග වැලඳී මියගිය හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට හස්තියාගේ භාරකාරත්වය හිමි නායක හිමියන් අවසර නොදීම හේතුවෙන් ප්‍රශ්න රැසක් මතුව ඇති බවත්, ඒ හේතුවෙන් හස්තියාගේ මරණයට හේතුව සොයාගැනීමේ අවස්ථාව අහිමි වී ගිය බවයි.
දළදා මාලිගාවේ ඇත් පන්තිය පරීක්ෂා කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය උපකරණ නොමැති බව පැවසූ පශු වෛද්‍යවරයා, එම උපකරණ කඩිනමින් රැගෙන ආ යුතු බවද පැවසීය.