ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාද යාත්රාවේදි දරුවෙකුට තියෙන හැගීම පළකිරීමට කිසිතැනක තහනම් කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “දරුවෙකුට තියෙන හැගීම පලකරන්න තහනමක් තියේ කියලා කොහේවත් කියලා නැහැ.අම්මා තාත්තා එක්ක ඒ දරුවා ඇවිල්ලා අදහස් පල කලා කියලා ඒක නවත්වන්න බැහැ.
ඒක කවුරුහරි කියල කරපු දෙයක්නම් තමයි වරද.එහෙමවෙයි කියලා අපි හිතන්නෑ.අපි මන්ත්‍රිවරු ගොඩක් පාගමනේ හිටියා.ඒ දරුවා වැරදි දෙයක් කියලද?ආප්පයා ගෙදර යවන්න කියලා කවුරු ගැනද ඒ කියන්නේ?ආප්පයා කියලා කවුරුහරි ඇති.ඒ ළමයා දන්න කවරුහරි කෙනෙක් ඇති."යනුවෙන් පවසා සිටියේය.